බදු වැඩිවීමත් සමඟ අරක්කු සහ බියර්වල නව මිල ගණන් මෙන්න

මධ්‍යසාර සහ දුම්වැටි මත පැනවුණු සුරාබදු අද (11) සිට ඉහළ නැංවීමට රජය පියවර ගැනුණා.

ඒ, අනුව මධ්‍යසාර කාණ්ඩ නවයක් සඳහා අය කෙරෙන බදු අද (11) දිනයේ සිට සංශෝධනය කර තිබෙනවා.

නව බදු සංශෝධනත් සමඟ රුපියල් 3,580ක් වූ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 102කින් ඉහළ යනවා.

ඒ, අනුව ගල් අරක්කු බෝතලයක නව මිල වන්නේ රුපියල් 3,682ක්.

එමෙන්ම රුපියල් 3,850ක්ව පවතින පොල් අරක්කු බෝතලයක මිල රුපියල් 109කි ඉහළ යන අතර එහි නව මිල වන්නේ 3,959ක් ලෙසටයි.

ඊට අමතරව පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 4,000ක්ව පැවති අතර, එහි මිල රුපියල් 109කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අරක්කු බෝතලයක නව මිල වන්නේ රුපියල් 4,106ක්.

එමෙන්ම අති විශේෂ පරණ අරක්කු බෝතලයක රුපියල් 109කින් ඉහළ යන අතර, එහි නව මිල රුපියල් 4,359ක් දක්වා ඉහළ යනවා.

මේ අතර බියර් මිල ද මේ සමඟ ඉහළ යන අතර, සැර අඩු බියර් බෝතලයක් රුපියල් 30කින් ද, සැර වැඩි බියර් බෝතලයක් රුපියල් 40කින් ද ඉහළ යන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව දේශීයව නිෂ්පාදනය කරන විදේශීය විස්කි බෝතලයක මිල ද රුපියල් 100කින් ඉහළ නංවා ඇති අතර, ඒවායේ සැර ප්‍රමාණය අනුව මිල ඉහළ නැංවෙනු ඇති.

  1. බදු වැඩි කලාම මිනිස්සු නීති විරෝධී මත්පැන් බොනවා. එ වැඩි කල බදු වලට වඩා රෝහල් වියදම් දරන්න රජයට සිදු වෙනවා.

    • Correct 💯% KO Dan 2000Adu bottle Aka.. API hithuwe thiyanne awa Adu karaii kiyala.. very Bad .. Dan ething kassipuu wenath Math Drugs walata thawath kolloo Ababahi wenewa awaa labaii ne… Kodu kassipuu karayooo pohosath karanne hadanne



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56