අද අළුයම ගාලුමුවදොර විරෝධතාව පැවැත්වෙන ස්ථානයෙන් අරගල කරුවන් ඉවත් කිරිමට ආරක්ෂක අංශ කටයුතුකල අවස්ථාවේ අරගලකරුවන් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර තුවාලකරුවන් සුවසැරියෙන් ආධාර ඉල්ලා සිටියද, පොලිසිය කිසිවකුට බාධක පසුකර යාමට ඉඩ නොදීම නිසා සුවසැරිය, නොමිලේ ගිලන්රථ සේවයට ඇතුළුවීමට නොහැකි වූ බව එහි සභාපති දුමින්ද්‍ර රත්නායක මහතා පැවසීය.
මෙහිදි තුවාලකරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර නොමැති නමුත් ත්‍රිවිධ හමුදාව කිසිවෙකුට විරෝධතා භූමියට ඇතුළු වීමට ඉඩ නොදුන් බවයි මාධ්‍ය වාර්තා පැහැදිලි කරමින් දුමින්ද්‍ර රත්නායක කියා සිටියේ.
ගාලු මුවදොර විරෝධතා භූමියෙන් ගිලන්රථ සේවයට ඇමතුම් ලැබී ඇති අතර පොලිස් බාධක පසුකර ගිලන්රථ යැවීමට නොහැකි බව ඔවුන් දැනුම් දුන් බවයි Twitter පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ.





