පුංචි දරුවෙකු කිඹුලෙකුට බිලි වෙයි

දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්න බිඳුනු වැවේ දිය නාමින් සිටි වයස අවුරුදු 7 ක කුඩා දරුවකු කිඹුලෙක් ඩැහැගෙන ගිය පුවතක් වාර්තාවනවා.

කුඹුක්කඳන්වල ප්‍රදේශයේ පදිංචි දඹුල්ල කණ්ඩලම ඩී එස් සේනානායක විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චනුත් සත්සර නැමැති කුඩා දරුවෙකු මෙලෙස කිඹුලෙකු ඩැහැගෙන ගොස් තිබෙනවා.

දරුවාගේ පියා පැවසුවේ මෙම වැවේ කිඹුලන් සිටින නිසා බොහෝ දෙනකු දිය නෑම සිදු නොකරන්නේ නෑ. දින ගණනාවක සිට තම පුතා මෙම වැවෙන් දිය නෑමට අවැසි බව සඳහන් කිරීම් නිසා දරුවාගේ ආසාව ඉටු කිරීමට පළමු වතාවට මෙම වැවට දිය නෑම සඳහා පවුලේ සියලු දෙනා පැමිණි බවයි.