ගෝඨාභය සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ වේදනාවට පුද්ගලයෙකු තම ජිවිතයට සමුදිමට තැත්කරලා

දොම්පේ ප්‍රදේශයේ පුද්ගලයෙකු සියදිවි නසාගැනීමට තැත්කල පුවතක් වාර්තා වනවා. කාලයක් තිස්සේ රාජපක්ෂ පවුලට ඉතා ලැදිව කටයුතු කර ඇති පුද්ගලයෙක් මෙලෙස සිය දිවි නසා ගැනීමට උත්සහ කර තිබෙනවා.

එම පුද්ගලයා තමන්ගේ නිවසේ තිබු ළිදට පැන සියදිවි නසාගැනීමට තැත්කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම දරාගත නොහැකි වූ නිසා බවයි වාර්තා වන්නේ.

දොම්පේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66 ක පුද්ගලයෙකු මෙලෙස ළිදට පැන සියදිවි නසාගැනීමට තැත්කර තිබෙනවා.

පසුව ඔහු ප්‍රදේශවාසීන් එක්ව බෙරාගෙන තිබෙනවා.