ජනාධිපතිගේ ගමනාන්තය අඟහරු ලෝකය දැයි සමඟි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් පවසනවා.
ඉල්ලා අස්වීමේ ලියුම එවන්නට නම් ගමනාන්තයට යා යුතු යැයි කියමින් ජනාධිපති කල් මරන්නේ ඇයිදැයි නොදන්නා බවයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පවසන්නේ.
ඔහු වැඩිදුරටත් පැවසුවේ දැන් ලෝකයේ එහා කොනට යන්නටත් කාලය හොඳටම ප්‍රමාණවත් බවයි.
ශ්‍රී ලාංකිකයන් සිටින කිසිම රටකට ජනාධිපතිවරයාට යන්නට නොහැකි වී ඇති බවත් අස්වීමේ ලියුම එවන්නට මෙතරම් කල් මරන්නේ ජනාධිපති මන්දාකිණියේ වෙනත් ග්‍රහ ලෝකයක් හොයන නිසාවත් දැයි සාධාරණ සැකයක් ඇති වන බවද මුජිබුර් රහුමාන් මහතා කීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11




