“ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නිසා ගෝඨාට තවමත් මාලදවයිනේ සිට සිංගප්පූරුවට යාමට හැකිවී නැහැ.”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාලදිවයින් සිට සිංගප්පූරුව බලා යාමට තවමත් හැකිවී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිංගප්පූරු ගුවන් සමාගමකට අයත් SQ437 ගුවන් යානයෙන් ජනාධිපතිවරයා මාලේ සිට සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද ආරක්ෂාව සම්බන්ධ ගැටලු හේතුවෙන් එය මගහැර ඇති බවයි ANI පුවත් සේවය වාර්තා කර ඇත්තේ,

ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මාලදිවයින් සිට ඊයේ (ජූලි 13) රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණු බව එම වාර්තා පෙන්වා දී තිබුණා.

ඒ අනුව ජනාධිපතිවරයා මාලදිවයින් සිට පෞද්ගලික ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සැලසුම් කරමින් සිටින බවයි මාලදිවයින් මාධ්‍ය උපුටා දක්වමින් ANI පුවත් සේවය වාර්තා කර ඇත්තේ,