Breaking News: ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්

පොල්දූව අසල අරගලකරුවන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
එම ස්ථානයේ විදුලිය විසන්ධි වීමක්ද කර ඇති බවත් අප වාර්තාකරුවන් පවසනවා.
අවස්ථා කිහිපයකදීම කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර ඇති අතර අහසට වෙඩි තැබීම් කිහිපයක්ද එල්ල කළ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
තුවාල ලැබූ පිරිසක්ද මේ වනවිට රෝහල් ගතකිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර දියත උයන අසලදී ගිලන් රථ්‍යකටද ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් අලාභ හානි සිදුව තිබෙනවා.