රටින් පිටවන්න ජනපතිට යානය දීම ගැන ගුවන් හමුදාවෙන් නිවේදනයක්

අද අළුයම ජනාධිපති හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ගොස් තිබෙනවා.මෙරට වේලාවෙන්  03:00ට (22:00 GMT) මාලේ අගනුවරට ළඟා වූ බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට සහ තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට රටින් පිට වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ යානාවක් ලබා දුන්නේ කෙසේද යන්න ගැටලුවක් මතුවිය.එයට පිලිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ යානාවක් ලබා දුන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින රෙගුලාසිවලට අනුව බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ ගුවන් යානය ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවතින ආගමන විගමන රේගු සහ අනෙක් සියලු ම නීතිවලට ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගිය බවයි.

රරරරරරයෙ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?