ඊයේ (12) පෙරවරුවේ, ජූලි 9 වනදා ඇති වූ සිදුවීම්වලින් පසුව ජනාධිපති මන්දිරයට සිදු වූ හානිය විමර්ශනය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබෙනවා.
මහජන දේපළ සහ ජාතික උරුම වන ස්මාරක සහ පුරාවස්තුවලට හානි කිරීම හෝ සොරකම් කිරීමෙන් වළකින ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.එසේ යම් හානියක් හෝ සොරකමක් සිදු කළහොත් ඒ සඳහා පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවයි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේෙ .ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලිය ගහ මන්දිරය යන ස්ථානවල පිහිටි පැරණි ස්මාරකවලට තවදුරට ත් හානි සිදුවීම වළක්වා ගැනීම, වටිනා පෞරාණික හා සංස්කෘතික දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියට ත් එම ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ




