ඇසළ පොහොය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී ඇත.සිදුහත් කුමරා මහමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූයේ අද වගේ දවසකයි.එමෙන්ම සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය සහ රාහුල කුමරුගේ උප්පත්තිය සිදුවී ඇත්තේද අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

අප මහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසළ පුර පෝය දිනකය. සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකය. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයෑම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද අද වැනි ඇසළ පුර පෝය දිනකය. ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොවුතුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පුර පොහොය දිනයකයි. තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පුන් පෝ දිනයක සිදු විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?