දුම්රිය ස්ථාන කිහිපයක ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම නවතා දමයි

මගීන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් තමන් දැඩී අසීරුතාවට පත්ව සිටින බව දුම්රිය සේවකයින් පවසයි.ඇතැම් මගීන් දුම්රිය ස්ථානවලට පහරදීමේ සිද්ධින් කිහිපයක් අද (06)උදෑසන වාර්තා වී ඇති බව ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

එමෙන්ම පානදුර දුම්රිය ස්ථානයේ සේවකයින්ට අද උදෑසන පිරිසක් පහරදී ඇති බව පවසමින් කොටුව, මරදාන, පානදුර, කොල්ලුපිටිය සහ රාගම දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකීමට දුම්රිය ස්ථානාධිපතිවරු තීරණය කර තිබුණි.