ලංකා අයි. ඕ. සි සමාගම විසින් ඉන්ධන මෙට්‍රික් ටොන් හත්දහස් පන්සීයයක් කොළොන්නාව තෙල් පර්යන්තයට එවූ බව එහි කළමනාකරණ අධ්යක්ෂ මනෝජ් ගුප්තා පැවසීය.
ත්‍රිකුණාමලයේ සිට මෙම ඉන්ධන තොගය ඊයේ (05) එවූ බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ .
ලංකා අයි.ඕ.සි. සමාගම ඊයේ (5 වැනිදා) දහතුන්දහස් දෙසීයේ සහ දහනවදහස් හත්සියයයේ ටැංකි රථ හැත්තෑවක් පමණ ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැර ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කළේ. මේ අනුව ඉන්ධන පිරවුම් හල් එකසිය හැත්තෑපහකින් පමණ ඉන්ධන බෙදාහැර ඇති බවද ඔහු පැවසීය. ඊයේ මුතුරාජවෙල ඛනිජ තෙල් පර්යන්තයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඩීසල් ටැංකි රථ දහයකට පමණ නිකුත් කර තිබිණි.
මේ අනුව ඉන්ධන පිරවුම් හල් එකසිය හැත්තෑපහකින් පමණ ඉන්ධන බෙදාහැර ඇති බවද ඔහු පැවසීය. ඊයේ මුතුරාජවෙල ඛනිජ තෙල් පර්යන්තයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඩීසල් ටැංකි රථ දහයකට පමණ නිකුත් කර තිබිණි.














Eheta ewwa mema ewwa kiyanawada dawasa ganan polim wala Eddie hamudawenui polim Patan Ena until Gahanna yanawa anith unta hulang vidimath kramayak nati nisa minissu duk vidinawa