වහාම පාසැල් යලි විවෘත කරන ලෙස ඉල්ලීමක්

වහාම පාසැල් යලි විවෘත කිරීමට කටයුතු කල යුතු බව ලංකා එක්සත් ගුරුසේවා සංගමය පවසයි.

එහි සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පවසන්නේ පාසල් වාසා තැබීම තුලින් තුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ලවී ඇති බවය.

“මේවන විට තෙල් අර්බුදය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට විශාල හානියක් සිදුවෙලා තියෙනවා. මේ රටේ ආහාර එක වේලක් ලබාගෙන ජීවත්වෙන්න පුළුවන්, ගමන් නොගිහින් ජීවත් වෙන්න පුළුවන්, පොහොර ප්‍රශ්නය විසඳගන්න පුළුවන් වෙනත් විකල්පවලින්. මේ වගේ අනෙක් සියලු දේවලට විකල්ප භාවිත කිරීමේ හැකියාව තිබුණත් දරුවන්ගේ අධ්‍යාපනයට යන කාලය ආපසු ඇදගන්නට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම නව යොවුන් වියේ, ඒ වගේම ළමා වියේ සිටින දරුවන් ග්‍රහණය කරගන්නේ ඔවුන්ගේ මතයට ගන්නේ ප්‍රාථමික අධ්‍යාපනය. මේ ප්‍රථමික අධ්‍යාපනයෙන් ලබාගන්නා මූලික හර ධර්මයන්. ඒ කාලයේදී, ඒ වයසේදී ග්‍රහණය කරගන්නට බැරි වුණොත් මූලික අධ්‍යාපනය ලබාගන්නට නොහැකි වුණොත් ඊළඟට සිදුවෙන්නේ ද්විතීක හා තෘතීය අධ්‍යාපනය සඳහා ඉදිරියට ගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා අපි මේ මොහොතේ නැගී සිටින්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. ජාතියේ අධ්‍යාපනය වෙනුවෙන්, ජාතියේ අනාගතය වෙනුවෙන්. ඒ නිසා මේ රටේ පාලකයින්ට කියනවා වහාම පාසල් විවෘත කළ යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?