පෙට්‍රල් බෝතලයක් රුපියල් 1000කට

පෙට්‍රල් බෝතලයක් රුපියල් 1000ක මුදලකට අලෙවි කරමින් සිටි වෙළෙඳසල්හිමියකු පෙට්‍රල් ලීටර් 20ක් සමග යක්කලමුල්ල පොල්පාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි වියේ පසුවූ වෙළෙඳසල් හිමියෙකි. පොලිස් උපාය දූතයකු යොදවා පෙට්‍රල් අලෙවි කරමින් සිටියදී මෙකී වෙළෙඳසල්හිමියා කොටුකරගත් බැව් පොලිසිය පවසයි.