ගැස් පාරිභෝගිකයන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

නාවලපිටිය නගරයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයාට දින ගණනාවකට පසු නිකුත් කරන ලද ගෘහස්ථ ගැස් සිලින්ඩර් 200 ක් බෙදා හැරිමේදි පාරිභෝගිකයන් සහ පොලිසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ගැස් ලැබිමට ප්‍රථම අදාල අලෙවි නියෝජිතයා විසින් පාරිභෝගිකයන්ට ටොකන්පත් නිකුත් කර තිබු අතර , නිකුත් කර තිබු ටොකන් පත් ප්‍රමාණයට වඩා අඩුවෙන් ගැස් තොග ලැබිමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

දින ගණනාවක් පොලිම් වල රැදි සිටි විශාල පිරිසකට ගැස් සිලින්ඩරයක් ලබා ගැනිමට නොහැකි වු අතර , එම පාරිභෝගිකයන්ට වෙනත් දිනයක ගැස් සිලින්ඩරයක් ලබාදිමේ අරමුණින් අලුතින් ටොකන් පත් නිකුත් කරනු ලැබුහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?