නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අජිත් රාජපක්ෂ පත්කරනු ලැබුවා.
ඒ ඡන්ද 109 ලබා ගනිමින්.
රෝහිනී කවිරත්නට ලැබුණේ ඡන්ද 78 ක් පමණයි.
අවලංගු වූ ඡන්ද ගණන 23 යි.
අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාව නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කළේ ජී.එල්.පීරිස් විසින්.
සමගි ජන බලවේගයෙන් රෝහිනී කවිරත්න නියෝජ්‍ය කථානායක ධුරයට යෝජනා කරනු ලැබුවා.
එම යෝජනාව ස්ථිර කළේ ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.
ඒත් සමගම විමල් වීරවංශ සහ නිමල් ලන්සාගෙන් දැඩි විරෝධයක් එල්ල වුණේ ඡන්දයකට ගොස් තවත් මුදල් නැති නාස්ති නොකරන ලෙසයි.
විපක්ෂ නායක සහ රනිල් වික්‍රමසිංහ මහතා කතාබහ කර කෙනෙකු තෝරාපත් කරන ලෙසද ඔවුන් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8