පාර්ලිමේන්තු තොරතුරු කවුළුව සාර්ථකව අවසන් කෙරේ (ඡායාරූප)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් නොවැම්බර් 19 සහ 20 දෙදින පැවති
පාර්ලිමේන්තු තොරතුරු කවුළුව සාර්ථකව අවසන් වුණ බව පාර්ලිමේන්තු මහලේකම් කාර්‍යාලය නිවේදනය කරනවා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ලබා ගැනීම මාර්ගගත ක්‍රමයට සිදු කෙරුණු බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්‍යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමු වැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුව සංවිධානය කෙරුණේ.

මෙම අවස්ථාවට පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයන් ඇතුළුව මන්ත්‍රීවරයන් 200කට වැඩි පිරිසක් එක් වූ බවත් වාර්තා වනවා.

එහිදී සියලුම මන්ත්‍රීවරයන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සළකුණු ලබා ගැනීම ඇතුළු කටයුතු සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර දසවැනි පාර්ලිමේන්තුවේ, පළමු වැනි සභා වාරයේ පළමු වැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම ද මෙවර සලසා දී තිබෙනවා.

18fe0da3 fb48 4bde b15e 3dc81df7d54c
6cc1ee75 1ac0 439d a0f4 ac3c4bbe3249
33f14715 3785 4f86 98e3 dbeaddda6667
1fd2f201 1a86 41b8 b428 3c659dc29662
2ece2f18 c3cd 4964 8bdc 0ac63fef43fc
97dd239b 439e 4b46 b612 a62304cc4d8f
ea0ff5d0 d156 4925 bbac 68f5258fc820
f4b85759 1368 49dc a296 33938d53d44f
f3293eb3 b845 4b9d b1f3 03102b9ac69c
72932407 80ed 4fab b909 d2149295fe5d


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32