අනූ සහ කනූගෙන් CIDයට පැමිණිල්ලක්

සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිත දෙකක් වන අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර නැමැති නිවුන් සහෝදරියන් දෙදෙනා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඔවුන්ගේ බව සඳහන් කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහායි ඔවුන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ.

එම පැමිණිල්ල සිදුකිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි මෙම නිවුන් සහෝදරියන් දෙදෙනාගෙන් එක් අයෙක් ඉතා සංවේදී වෙමින් මාධ්‍ය වෙත අදහස් පළකර සිටියා.

“අද අපි දෙන්නා සී.අයි.ඩී එකට ආවා. ඊයේ රෑ ඉඳන් අපි දෙන්නාගේ නම් සඳහන් කරලා වීඩියෝවක් ශෙයාර් වනවා. AI එඩිට් එකක්. ඇත්තටම මීට කලිනුත්, AI එඩිට් එකකින් වීඩියෝ එකක් ශෙයාර් වුණා. ආයේ ආයෙත් ඒ කණ්ඩායමම මේ පහත් වැඩේ කරනවා. ගිය සැරේ නම් ඇත්තටම අපි මේක නොසලකා හැරියා මොකද ඒකට ෆේස් කරන්න තරම් හිතේ හයියක් ඒ වෙලාවේ තිබ්බේ නැහැ. දැන් ප්‍රෙෂර් එක වැඩියි. ඒ නිසා අපි දෙන්නාට සිද්ධ වුණා නීතිමය ක්‍රියාමාර්ග ගන්න. හැබැයි සී.අයි.ඩී එක අපිට ලොකු සපෝට් එකක් දුන්නා අපිට. කණ්ඩායමක් මේ වෙද්දී හඳුනගෙන තියෙනවා. ඒ ගොල්ලන්ව අත්අඩංගුවට ගන්න දැනටමත් ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ. හැබැයි තවදුරටත් මේ වීඩියෝව ශෙයාර් කරන අය සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග හෙට ඉඳන් ඒගොල්ලෝ ගන්නවා. ඉතිං මට ඉල්ලන්න තියෙන්නේ, ගැහැණු ළමයින්ට මේ වගේ දේවල් කරන්න එපා. ඇත්තටම ගැහැනු ළමයින්ට මේක ලොකු ප්‍රෙෂර් එකක්. හරිම අමාරුයි. ඇත්තටම ඒක හරිම අමාරුයි දරාගන්න. කිසිම ගැහැණු ළමයෙක්ට මේ දේ කරන්න එපා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53