මාලිමාව පොහොට්ටු බලය හම්බන්තොටින් ගලවා ගනියි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයට දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවේ ආසන 05ක් හිමිකර දෙමින්.

234,083ක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මාලිමාව දිනාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව වනවා.

සමගි ජන බලවේගය එක් අසුනක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් ආසනයක් ද දිනාගෙන තිබෙනවා.