ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම තහවුරු වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ජුලම්පිටියේ අමරේ නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය අද (20) තහවුරු කළා.

එම නියෝගය අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරන් රත්නම්, සම්පත් අබේකෝන් යන විනිසුරු මඬුල්ල විසින් ලබා දෙනු ලැබුවා.

2012 ජුනි 15 වැනිදා කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා, තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ සම්බන්ධයෙන් අධි චෝදනා 5ක් යටතේ නීතිපතිවරයා ජුලම්පිටියේ අමරේට එරෙහිව නඩු ගොනු කර තිබුණා.

නඩුව විභාගයෙන් අනතුරුව එම චෝදනාවන්ට වරදකරු කෙරුණු ජුලම්පිටිය අමරේ නමැත්තාට 2019 නොවැම්බර් 7 වැනිදා තංගල්ල මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කෙරුණා.

එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ජුලම්පිටිය අමරේ සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර විත්තිකරු සිය ඇපෑල මගින් පවසා සිටියේ, මහාධිකරණ නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ සාක්ෂි විනිසුරුවරයා විසින් සැළකිල්ලට නොගත් බවයි.

එබැවින් තමන්ව චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් විත්තිකරු ඇපෑල තුළින් ඉල්ලා තිබුණා.

එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණ විනිසුරුවරුවරුන් අද නියෝගය ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ, මහාධිකරණ විනිසුරුවරයා විසින් නිකුත් කළ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් මැදිහත්වීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවයි.

ඒ අනුව විත්තිකරුට පනවා තිබෙන මරණීය දණ්ඩනය තහවුරු කරන බවත් අදාළ ඇපෑල ප්‍රතික්ෂේප කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20