හිටපු ජනපති රනිල්ට එරෙහිව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ඉකුත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සුරාබදු පනතට පටහැනි ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් එවක මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකරුවන් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මහනුවර ප්‍රදේශයේ මත්පැන් අලෙවි ව්‍යාපාරයේ නිරත පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම පෙත්සමක් ගොනු කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එහි වග උත්තරකරුවන් ලෙස හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්. ජේ. ගුණසිරි, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, අල්ලස් කොමිසමේ සභාපතිවරයා, එහි සාමාජිකයින් ඇතුළු 39 දෙනකු නම්කර තිබෙනවා.

ජනාධිපතිවරණයේදී සහාය ලබාගැනීමේ දේශපාලන අරමුණෙන් යුක්තව මෙම බලපත්‍ර නිකුත් කර තිබෙන බවත්, සුරා බදු පනතේ විධිවිධානයන් මගහැර අත්තනෝමතික සහ අයුක්තිසහගත ආකාරයෙන් ඒවා නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කරුවෝ පෙත්සම මගින් චෝදනා කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39