T20 පිටියේ තුන් ඉරියව් ලැයිස්තුවේ හර්දික් යළිත් මුදුනා වෙයි

ICC පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතියේ තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් හි යළි පළමු වැනියා වීමට ඉන්දීය ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හැකි ව තිබෙනවා.

පාණ්ඩ්‍යා දකුණු අප්‍රිකාවට එරෙහිව දැක්වූ දක්ෂතා මීට ඉවහල් වී ඇති බවයි වාර්තා වන්නේ.

පාණ්ඩ්‍යා දකුණු අප්‍රිකාවට එරෙහි T20 තරගාවලියේ දී කඩුලු 02ක්, නොදැවී ලකුණු 18ක් සහ 39ක් ලබා ගැනීමෙන් මෙම ස්ථානය ලබා ගැනීමට සමත් ව සිටිනවා.

ඒ අනුව T20 තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ මුදුනා වි සිටි එංගලන්ත ක්‍රීඩක ලියැම් ලිවින්ග්ස්ටෝන් පහතට වැටී ඇති අතර නේපාල ක්‍රීඩක ඩිපෙන්ද්‍ර සින්ග් ද පහතට විසි වී තිබෙනවා.

පාණ්ඩ්‍යා පන්දුවාර 20 පිටියේ තරග 109කට එක් වී කඩුලු 89ක් බිඳ දමා තිබෙන අතර ඔහුගේ හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 16කට කඩුලු 04ක්.

ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1700ක්.

වැඩිම ලකුණු වන්නේ නොදැවී ලකුණු 71ක් ලබා ගැනීමයි.