උසස් පෙළ කල් දාන්න බෑ – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් (නිවේදනය)

මෙම වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කිසිදු ලෙසකින් කල් දැමීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය කරන සියලු ම පූර්ව කටයුතු සූදානම් කර අවසන් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම විභාගය කල් දමන ලෙස විවිධ පාර්ශ්වයන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින අතර එම ඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව ද එහි සඳහන්.

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය ලබන 25වන දින සිට දෙසැම්බර් 20වන දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු 01 වනදා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබූ අතර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන විට අවසන් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

මෙම විභාගය පැවැත්වෙන දින වකවානු අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2024 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය ද ඇතුළුව සෙසු විභාග රැසක් සඳහා දින තීරණය කර ඇති අතර මෙම විභාගය කල් දැමීමට කටයුතු කළහොත් එමගින් ඉදිරි විභාග වැඩසටහන ද නැවත වරක් සම්පූර්ණ වශයෙන්ම අක්‍රමවත් වනු ඇති බවයි එහි දැක්වෙන්නේ.

ඒ අනුව නියමිත පරිදි අ.පො.ස. උසස් පෙළ විභාගය නියමිත දිනයන් හි පැවැත්වෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44