රවීගේ නම හොරෙන් යැව්ව වැඩේ ගැන හොයන්න ස්වාධීන කමිටුවක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02න් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම විශේෂ කමිටුව පත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් අද (20) පැවති සාකච්ඡාවේ දී රවී කරුණානයක මහතා ජාතික ලැයිස්තුවෙන් අනීතික ලෙස පත් කිරීම සම්බන්ධයෙන් එම සන්ධාන පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය පළුදු වී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

මෙම පරීක්ෂණය සඳහා පත් කළ ස්වාධීන කමිටුවේ සාමාජිකයින් වන්නේ;නීතිඥ කුමාර් දුනුසිංහ මහතා,
නීතිඥ ඉන්දික වේරගොඩ මහතා සහ ආචාර්ය විතානගේ මහතා සහ කමිටු ලේකම්වරයා ලෙස නීතිඥ යසස් ද සිල්වා මහතා පත් කෙරුණා.

මෙම පරික්ෂණ වාර්තාව සති 3ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට තීරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02