ඉතිහාසයේ පළමු වරට වාමාංශික ව්‍යාපාරයකට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවෙයි

10 වැනි පාර්ලිමේන්තුව තෝරා පත් කරගැනීමේ මහ මැතිවරණයේ ආසන 113ක බලය ඉක්මවමින් බහුතරයක් දිනා ගත් පක්ෂය බවට පත්වන්නට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කණ්ඩායමට හැකි වුණා.

මීට ටික වේලාවකට (15) පෙර ප්‍රකාශයට පත් කෙරුණු කොට්ඨාස මට්ටමින් වන ඡන්ද ප්‍රතිඵල දෙස බැලීමේ දී ආසන 113 ඉක්මවා යමින් අතිවිශාල ජයක් පාර්ලිමේන්තුව තුළ දිනා ගැනීමටයි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ඔහුගේ මැතිවරණ අපේක්ෂකයින් සමත් වුණේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව සමානුපාතික නියෝජන ක්‍රමයට අනුවයි ඊයේ (13) උදෑසන 07 සිට පස්වරු 04 තෙක් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,314ක දී ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරුණේ.

එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හාරදහස් තුන්සිය පනස් හතරක් වන සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණයේ ඡන්ද දායකයින් ලෙස සුදුසුකම් ලබා සිටියා.

කෙසේවෙතත් පෙර පැවති ජනාධිපතිවරණයට සාපේක්ෂව මහ මැතිවරණයේ දී දිස්ත්‍රික් මට්ටමින් සිදු කළ ඡන්දය සලකුණු කිරීම ප්‍රතිශතාත්මකව පහළ මට්ටමක පැවතිය ද රටේ බොහෝ ජනයා සිය සර්වජන ඡන්ද අයිතිය භාවිත කිරීමට ගොස් සිටින ආකාරයයි දක්නට ලැබුණේ.

පස්වරු 4.15ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ගණනය කිරීමේ මධ්‍යස්ථාන වෙත දැඩි ආරක්ෂාවක් මැද රැගෙන යාම සිදු කෙරුණේ මැතිවරණ කොමිෂන් සභාව සහ ආරක්ෂක අංශවල පූර්ණ සහාය ඇතිවයි.

ඒ අනුව රාත්‍රී 9 පමණ වන විට පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵල‍ය ගාල්ල දිස්ත්‍රික්කයෙන් නිකුත් වුණු අතර එහි ජයග්‍රහණය ද අරඹමින් ජාතික ජන බලවේගය මේ වනවිට දිස්ත්‍රික්ක වැඩි ගණනක සිය බලාධිකාරිය පතුරුවාලීමට සමත් ව සිටිනවා.

ඒ අතර ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල, බදුල්ල, නුවරඑළිය, මහනුවර, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, පොළොන්නරුව, ගම්පහ, කළුතර, අනුරාධපුරය, මාතලේ, කෑගල්ල ආදි ධනවාදී දේශපාලනයේ කලක සිට පැවති බලකොටු තම බලයට නතු කරගන්නටයි ජාතික ජන බලවේගයට භැකියාව ලැබී ඇත්තේ.

තවමත් දිගාමඩුල්ල සහ කොළඹ යන මැතිවරණ දිස්ත්‍රික්කවල සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීමට තිබෙන අතර, එම දිස්ත්‍රික්කවල ද නිකුත් වූ ආසනවල පූර්ණ ජය හිමිකරගෙන සිටින්නේ මාලිමා රජයයි.

මේ වනවිට අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා රජයට පාර්ලිමේන්තුවේ (දැනට ) ආසන 123ක් හිමිව තිබෙනවා.

ඊට අමතරව සමගි ජන බලවේගයට ආසන 31ක්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට ආසන 06ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 03ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 02ක්, එක්සත් ජාතික පක්ෂය , ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය, ස්වාධීන කණ්ඩායම් 17 සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයට එක් අසුන බැගින් හිමිව තිබෙනවා.

මෙරට පාර්ලිමේන්තුවට සමානුපාතික නියෝජන ක්‍රමය හරහා සෘජු ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කරමින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු ජනතා පරමාධිපත්‍යයෙන් පත් කරගන්නා අතර සෙසු 29 දෙනා පැමිණෙන්නේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39