ජාතික ජන බලවේගයට ඉතිහාසගත ජයක් – පොහොට්ටුවේ වාර්තාවත් බිඳ දමයි

මෙරට ඉතිහාසයේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක දී තනි පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමිකර ගන්නට ජනාධිපති අනුර කුමාර දිසානායක නායකත්වය දරණ ජාතික ජන බලවේගයට මෙවර මහ මැතිවරණයේ දී හැකියාව ලැබුණා.

ඒ, අනුව 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ද ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව දැක්වෙන්නේ 6,863,186 ක් ලෙසටයි.

එය ප්‍රතිශතයක් ලෙස 61.56%ක අගයක් ගනු ලබනවා.

මීට පෙර 2020 වසරේ පැවති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 6,853,693 ක් ලබාගත්තේ 59.09%ක ප්‍රතිශතයක් හිමිකර ගනිමින්.

මේ අතර 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු ආසන 159 කට (දිස්ත්‍රික් ආසන 141යි ජාතික ලැයිතුවෙන් 18යි) හිමිකමි කියනවා.

එමෙන්ම මෙවරට මහ මැතිවරණ ඡන්ද විමසීමේ දී ඡන්ද 1,968,716ක් හිමිකරගත් සමඟි ජන බලවේගය ආසන 35ක් දිනාගත්තා.

මෙවර මහ මැතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවා දී පෙරමුණ ඡන්ද 500,835ක් ලබාගෙන ආසන 03ක් හිමිකර ගැනීමට හැකිව සමත් සිටිනවා.

ඡන්ද 257,813ක් ලබාගැනීමට සමත් වූ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් හිමිව ඇති ආසන සංඛ්‍යව හතක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මහ මැතිවරණයේ දී හිමිව ඇත්තේ ඡන්ද 350,429ක් වන අතර, ඒ අනුව ඔවුන් 10 වන පාර්ලිමේන්තුවේ ආසන 02කට හිමිකම් කියනවා.

2024 මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල ලේඛනය සඳහා මෙතැනින් පිවිසෙන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
35
+1
1
+1
17
+1
2
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23