විදුලිබිල සංශෝධනය සඳහා මහජන අදහස් විමසීමක් සිදුකිරිමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
විදුලිබිල වැඩිකිරිම සඳහා වන සංශෝධනය සඳහා රජයේ ප්‍රතිපත්තිය විමසීමට විදුලිබල මණ්ඩලය පසුගියදා කටයුතු කල බව එහි සභාපති ජනක රත්නායක කියා සිටියා. ඉන්ධන මිල ඉහල ගොස් ඇති පසුබිමක විදුලි ඒකකයක් සඳහා දැරීමට වන පිරිවැය ඉහළ ගොස් තිබෙනවා.
විදුලිබල මණ්ඩල මණ්ඩලයට විදුලි ඒකකයක් සඳහා රුපියල් 53ක් වැය වන බවත්. කෙසේ වුවත් පාරිභෝගිකයාගෙන් අය කරනු ලබන්නේ රුපියල් 16ක් බවත් වාර්තා පෙන්වා දෙයි. දීර්ඝ කාලයක් විදුලි බිල්පත මිල ඉහල දමා නොමාති බවයි ජනක රත්නායක කියා සිටියේ. ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී විදුලිබිල සම්බන්දව අදහස් හුවමාරු වු අතර විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විදුලිබිල සංශෝධනය කෙරෙන කාලයක් එහිදි ප්‍රකාශ නොකල බවයි අප වාර්තාකරු පැවසුවේ.














මහජන උපයෝගිතා කමිටුවේ
සභාපති ට කියන්නේ
මට මගේ
රෑකියාවෙන් ලැබෙන වැටුපෙන්
තවත් වැඩි වන සියල්ල දරාගත නොහැකියි
ගෙදර අගහිගකම් බොහොමයි.
මේ අතර විදුලි බිලත් වැඩි කිරීම සදහා
ඔබවැනි කයිවාරුවෙක් අවශ්‍ය නැත
අපි කරුවලේ දුක් විදගෙන විදුලිය බිල ගෙවුවත්
බිල වැඩි කිරීම ගැන මා දැඩිසේ විරුද්ධ යි .
ජනතාව ගේ වැටුප් වැඩිකරන්න.
කතා කරපල්ලකො වැඩිම කර කර් ඉන්නේ