අරලිය ගහ මන්දිරයට එරෙහිව ශබ්ද දූෂණ පැමිණිල්ලක්

අගමැති නිල නිවස වන අරලිය ගහ මන්දිරයේ නීති විරෝධී ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් ඝෝෂාකාරී හඬක් නිකුත් කරන බවට, ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව ජාතික පොලිස් කොමිසමේ හදිසි ඇමැතුම් අංකය වන 1960ට පැමිණිලි කර ඇත.

අගමැති නිල නිවෙසින් ඊයේ (අප්‍රේල් 27) උදෑසන සිට මහ හඬින් පිරිත් විකාශය කරන බව ත්, ඒ සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් භාවිත කරන බව ත් පැමිණිල්ලේ සඳහන් වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2007 නොවැම්බර් මස 9 වන දා මූලික මිනිස් අයිතිවාසිකම් නඩු අංක 38/2005 සඳහා ලබා දී ඇති තීන්දුව අනුව, මෙරට ඕනෑ ම පෞද්ගලික හෝ පොදු ස්ථානයක ඇම්ප්ලිෆයර්, බෆල් සහ ලවුඩ්ස්පිකර් යොදා ශබ්දය විකාශය කරනු ලබන්නේ නම් ඒ සඳහා ළඟ ම ඇති පොලිස් ස්ථානයෙන් වලංගු බලපත්‍රයක් ලබාගත යුතු බව ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව සඳහන් කළේ ය.

අරලිය ගහ මන්දිරයේ මෙසේ නීති විරෝධී අන්දමට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා පිරිත් විකාශනය කිරීම, මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා අපහාසයක් බව ත් ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40