Empty Ad
AFC Banner
Empty Ad

අරලිය ගහ මන්දිරයට එරෙහිව ශබ්ද දූෂණ පැමිණිල්ලක්

අගමැති නිල නිවස වන අරලිය ගහ මන්දිරයේ නීති විරෝධී ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් ඝෝෂාකාරී හඬක් නිකුත් කරන බවට, ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව ජාතික පොලිස් කොමිසමේ හදිසි ඇමැතුම් අංකය වන 1960ට පැමිණිලි කර ඇත.

අගමැති නිල නිවෙසින් ඊයේ (අප්‍රේල් 27) උදෑසන සිට මහ හඬින් පිරිත් විකාශය කරන බව ත්, ඒ සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් භාවිත කරන බව ත් පැමිණිල්ලේ සඳහන් වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2007 නොවැම්බර් මස 9 වන දා මූලික මිනිස් අයිතිවාසිකම් නඩු අංක 38/2005 සඳහා ලබා දී ඇති තීන්දුව අනුව, මෙරට ඕනෑ ම පෞද්ගලික හෝ පොදු ස්ථානයක ඇම්ප්ලිෆයර්, බෆල් සහ ලවුඩ්ස්පිකර් යොදා ශබ්දය විකාශය කරනු ලබන්නේ නම් ඒ සඳහා ළඟ ම ඇති පොලිස් ස්ථානයෙන් වලංගු බලපත්‍රයක් ලබාගත යුතු බව ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව සඳහන් කළේ ය.

අරලිය ගහ මන්දිරයේ මෙසේ නීති විරෝධී අන්දමට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා පිරිත් විකාශනය කිරීම, මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා අපහාසයක් බව ත් ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
66
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?