අද (23) දිනයේ ද පැය තුනකට අධික විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ප්‍රධාන කලාප දෙකක් යටතේ පැය 03යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පෙරවරු 09.00ත් පස්වරු 05.00ත් අතර කාලය තුළ පැය 02ක කාලයක් සහ පස්වරු 05.00ත් රාත්‍රි 09.00ත් අතර පැය 01යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.
එමෙන්ම P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා ද පෙරවරු 09.00ත් පස්වරු 05.00ත් අතර පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම්කර තිබේ.
එම කලාප සඳහා පස්වරු 05.00 සිට රාත්‍රි 09.00 දක්වා කාලය තුළ පැය 01යි මිනිත්තු 20ක කාලයක් ද විදුලි කප්පාදුව සිදුකරන බව විදුලිබල මණ්ඩලය පැවසුවේය.













