සිපෙට්කෝ ෂෙඩ් 350කට සංස්ථාව තෙල් දුන්නේ නෑ

අප්‍රේල් මාසය තුළ ඉන්ධන ලබාදිය යුතුව තිබූ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 350කට ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර නැතැයි පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ශාන්ත ද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (22 දා) පැවසීය.

ජනතාව මාර්ග අවහිර කරමින් පැවැත්වූ විරෝධතා නිසා මේ වනවිට දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමට නොහැකි වී ඇති බවත්, මේ හේතුවෙන් දිවයින පුරා පිරවුම්හල්

රැසක ඉන්ධන හිඟයක් පවතින බවත් හෙතෙම කීය. තොග ගබඩා පර්යන්තය තුළ ඉදිරි දින කීපයට අවශ්‍ය ඉන්ධන තොග පවතින බැවින් එම ඉන්ධන බෙදාහැරීමත් සමග ඉදිරි දින තුන ඇතුළත පිරවුම්හල් තුළ දක්නට පවතින ඉන්ධන හිඟය පහ වී යනු ඇති බව හේ සඳහන් කළේය. මේ අතර, ඊයේ (22 දා) කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසක දිගු ඉන්ධන පෝලිම් දැකගත හැකි විය. එසේම මාර්ග අවහිර කිරීම් හා විරෝධතා හේතුවෙන් ගත වූ දින කීපයේ නතර වී තිබූ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ඊයේ සිට ආරම්භ විය. එහිදී ඉන්ධන බවුසර් 600ක් සහ දුම්රිය පහක් මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදු කෙරිණි. ඉදිරි දින කීපය තුළ ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කිරිම සඳහා පැය 24 පුරා ඉන්ධන බෙදා හැරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?