සිපෙට්කෝ ෂෙඩ් 350කට සංස්ථාව තෙල් දුන්නේ නෑ

අප්‍රේල් මාසය තුළ ඉන්ධන ලබාදිය යුතුව තිබූ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 350කට ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර නැතැයි පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ශාන්ත ද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (22 දා) පැවසීය.

ජනතාව මාර්ග අවහිර කරමින් පැවැත්වූ විරෝධතා නිසා මේ වනවිට දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමට නොහැකි වී ඇති බවත්, මේ හේතුවෙන් දිවයින පුරා පිරවුම්හල්

රැසක ඉන්ධන හිඟයක් පවතින බවත් හෙතෙම කීය. තොග ගබඩා පර්යන්තය තුළ ඉදිරි දින කීපයට අවශ්‍ය ඉන්ධන තොග පවතින බැවින් එම ඉන්ධන බෙදාහැරීමත් සමග ඉදිරි දින තුන ඇතුළත පිරවුම්හල් තුළ දක්නට පවතින ඉන්ධන හිඟය පහ වී යනු ඇති බව හේ සඳහන් කළේය. මේ අතර, ඊයේ (22 දා) කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසක දිගු ඉන්ධන පෝලිම් දැකගත හැකි විය. එසේම මාර්ග අවහිර කිරීම් හා විරෝධතා හේතුවෙන් ගත වූ දින කීපයේ නතර වී තිබූ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ඊයේ සිට ආරම්භ විය. එහිදී ඉන්ධන බවුසර් 600ක් සහ දුම්රිය පහක් මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදු කෙරිණි. ඉදිරි දින කීපය තුළ ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කිරිම සඳහා පැය 24 පුරා ඉන්ධන බෙදා හැරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40