සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වී සිටි ශ්රී ලාංකික අනෝජන් සිවරාසාට පනවා තිබූ එම මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද් පවසනවා.
සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් නියෝජ්ය අමත්යවරයා මෙය තහවුරු කර තිබෙනවා.
ශ්රී ලංකා රජය විසින් දරන ලද අඛණ්ඩ රාජ්යතාන්ත්රික හා නීතිමය ප්රයත්නවල ප්රතිඵලයක් ලෙස මෙය සිදුවූ බවත්, සෞදි අරාබි රජය දැක්වූ සහයෝගය වෙනුවෙන් ද, තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම් සහ නිලධාරීන්, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති සහ සාමාජිකයින් මෙන්ම ශ්රී ලාංකික සහ සෞදි නීති කණ්ඩායම් දැරූ කැපවීම් වෙනුවෙන් ද සිය ස්තූතිය පළ කරන නියෝජ්ය අමත්යවරයා පවසනවා.
