පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයක් කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය ප්රකාශ කිරීම මේ මස 22 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (14) නියම කළා.
මෙම පෙත්සම් පිළිබඳ නියෝගය අද දින ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
ඒත් අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල නිවේදනය කළේ ඒ පිළිබඳ නියෝගය ලබන 22 වනදා ප්රකාශයට පත් කරන බවයි.
පූජ්ය බෙන්ගම්බුවේ නාලක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිපනමක්, කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ස්වේච්ඡා සංවිධාන විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
