කාලය දෙන්න වෙලාවට ජනපති ඉවත් වෙයි ගීතා කියයි

“Gota Go Home කියන එක වහා ම නතර කර ගන්න,” යනුවෙන් අද (අප්‍රේල් 21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවා ය.

ඇය සඳහන් කළේ, කාලය පැමිණෙන විට ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් වනු ඇති බව ය.

ඔහු ධූරයෙන් ගිය පසුව ඡන්දයක් පවත් වන ලෙස ත් පසුව ජය පරාජය කාට ද යන්න පිළිබඳව තීන්දු කර ගත හැකි බව ත් ඇය පැවසුවා ය.

“සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියට ගෙදර පලයන් කියන කොට ගියා ද? ආර්. ප්‍රේමදාස මැතිතුමාට ගෙදර පලයන් කියන කොට ගියා ද? Gota Go Home කියන එක වහා ම නතර කර ගන්න. කාලය ආවහම එතුමා යයි. එදාට ඡන්දයකට එමු. අපි සියලු දෙනා ම ඡන්දයකට එමු. ඒ ඡන්දයෙන් දිනන්නේ පැරදෙන්නේ කවුද කියලා බලලා Go Home කියන එක decide කරමු.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?