“මන්ත්‍රී නිපුන රණවකගේ නමට අලි බලපත්‍රයක් නෑ..මිනිස්සු හිතුවේ අලියා ජොලියේ කියලා. කාලයක් අලියව බැඳලා තිබ්බම ඒ ආතතිය පිටකිරීමක්”

නිපුන රණවක මන්ත්‍රීවරයාට විරෝධය පලකරමින් පසුගියදා ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.
මෙම විරෝධතාව අතරතුර අපූරු සිදුවීමක් දැකගන්නට හැකිවුණා.
ඒ අලියෙකු එම නිවස ඉදිපිට සිට නටන අයුරු දැක්වෙන සිදුවීමක වීඩියෝවක්.
මේ ගැන නීතීඥවරයෙකු වන Don Supz මෙවැනි සටහනක් තබා තිබෙනවා.

නිපුන රණවගේ නමට අලි බලපත්‍රයක් නෑ.
කලින් රාජපක්ෂ පාලන සමයේ නීති විරෝධි අලි පැටව් 35 පමණ ඇල්ලුවා මතක ඇති.
මේවා ගැන වචන දහස් ගානක් අකුරු කරලා ඇති.
ආයේ වර්තමාන ජනාධිපති බලයට පත්වුන ගමන් මේන් මේ නඩු භාණ්ඩ 35 නැවත හොරුන්ටම දෙන්න සෑහෙන්න දත කෑවා.
ඇතින්නියො මරලා, චේන් සෝ වලින් කපලා, නිර්වින්දන බෙහෙත් අධිමාත්‍රා දීලා මරවලා ගත්ත පැටව් ඔය 35.
ඒක සාර්ථක අනෛතික අලි පැටියෙක්ට අලි පැටව් 5 පමණ මිය යන සම්භාවිතාවක් තියෙනවා කියලා ක්ෂේත්‍රයේ මතය.
35 අල්ලන්න ඒ කියන්නෙ සීයකට ළඟා වෙන්න මරලා ඇති (මරපු ඇතින්නියො ගාන නැතුව).
තව දෙයක්.. මම දැක්කා ඊයේ විරෝධතාවය ඉස්සරහා අලියා නැටුවා කියලා.
ඒ හැසිරීම නර්තනයක් හෝ සතුට පලකිරීමක් නෙවෙයි.
ඒකට කියන්නෙ stress response එකක් කියලා.
දීර්ඝ කාලයක් බැඳ තබා තිබ්බම අලින් වගේ සමාජශීලි ජීවීන්ට ආතති තත්වයන් ඇතිවෙනවා.
ඒ ආතති තත්වයන්ගෙ හැසිරීම තමයි ඔය වැනෙන එක.
මේක සත්ව උද්‍යාන වගේම අලි බැඳලා තියෙන අනිත් තැන්වල දකින්න පුළුවන්.
මිනිස්සු හිතන්නෙ අලියා ජොලියේ කියලා.
ඊයේ උද්ඝොෂණයේ කවුරුහරි කෑගහනවා ඇහෙනවා ‘ අලියත් අපිට සපෝර්ට්’ කියලා.
ඔව් ඒකෙ ඇත්තක් තියෙනවා.. කතා කරගන්න බැරි සතෙක්ගෙ ආතතිය පිට දැමීම තමයි ඒ දැක්කේ.
නිපුනගේ නමට බලපත්‍ර නැති මේ අලියා ගැන වනජීවී දෙපාර්තමේන්තුව වහාම පරීක්ෂණ ඇරඹිය යුතුයි. අහලා ගෙදරින් ගෙට පැන්න අලියෙක්ය, අලියා කැමැත්තෙන් ආවාය, පරම්පරාවේ අලිය, එක කුස උපන් සොහොයුරෙක්ය වගේ වැල් බයිලා එන්න පුළුවන් දැන්.

අලියාගේ විඩියෝව නරඹන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27