ගෑස් ගැන ලිට්‍රෝ සමාගමෙන් අලුත් ආරංචියක්

ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු එළඹෙන 25 වනදා දක්වා අත්තිටුවා ඇති බව ලිට්‍රෝ සමාගමේ ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන 25 වනදා මෙරටට ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිත බවය.

එසේම එළඹෙන 27 වනදා ද නැවත ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 1300ක පමණ ප්‍රමාණයක් ලිට්‍රෝ සමාගම සතුව ඇති බවද විශ්වාසදායී ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ගෑස් තොග හෝටල්, ආරක්ෂක අංශ, ආදාහනාගාර සහ රෝහල් වැනි  අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන වෙත බෙදාහැරීමට නියමිතව ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08