බවුසර් හිමියනුත් සේවයෙන් ඉවත් වෙයි තෙල් අර්බුදය උග්‍ර වෙයි ?

රට තුළ ඉදිරි දින 10කට අවශ්‍ය පෙට්‍රල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත්, ඩීසල් ඉදිරි සති දෙකකට ප්‍රමාණවත් තොග ඇති බවත්, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (20) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශයකට පිලිතුරු දෙමිනුයි, බලශක්ති අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, රට තුළ පවතින ඉන්ධන හිඟය මේ වනවිට ක්‍රමයෙන් මග හැරෙමින් යන බවයි.

කෙසේවෙතත්, තවමත් ඉන්ධන ප්‍රවාහන කටයුතුවල ගැටලුසහගත තත්ත්වයන් ඇති බව ඔහු පිළිගත්තා.

මේ අතර ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ, අද දිනයේ දී ඔවුන් ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් ඉවත් වන බවයි.

මේ වනවිට රට පුරා උද්ගත වී ඇති අනාරක්ෂිත තත්ත්වය පහව ගිය පසු සිය ප්‍රවාහන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම සංගමය ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කරනවා.

සිය බවුසර සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා දෙන්නේ නම්, ප්‍රවාහන කටයුතු අඛණ්ඩව සිදු කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් එම ලිපිය වැඩිදුරටත් සඳහන්.

7cf71fd1 8a86 4adc 8736 a0863708f6b0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?