බවුසර් හිමියනුත් සේවයෙන් ඉවත් වෙයි තෙල් අර්බුදය උග්‍ර වෙයි ?

රට තුළ ඉදිරි දින 10කට අවශ්‍ය පෙට්‍රල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත්, ඩීසල් ඉදිරි සති දෙකකට ප්‍රමාණවත් තොග ඇති බවත්, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (20) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශයකට පිලිතුරු දෙමිනුයි, බලශක්ති අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, රට තුළ පවතින ඉන්ධන හිඟය මේ වනවිට ක්‍රමයෙන් මග හැරෙමින් යන බවයි.

කෙසේවෙතත්, තවමත් ඉන්ධන ප්‍රවාහන කටයුතුවල ගැටලුසහගත තත්ත්වයන් ඇති බව ඔහු පිළිගත්තා.

මේ අතර ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ, අද දිනයේ දී ඔවුන් ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් ඉවත් වන බවයි.

මේ වනවිට රට පුරා උද්ගත වී ඇති අනාරක්ෂිත තත්ත්වය පහව ගිය පසු සිය ප්‍රවාහන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම සංගමය ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කරනවා.

සිය බවුසර සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා දෙන්නේ නම්, ප්‍රවාහන කටයුතු අඛණ්ඩව සිදු කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් එම ලිපිය වැඩිදුරටත් සඳහන්.

7cf71fd1 8a86 4adc 8736 a0863708f6b0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25