XIV වන ලියෝ පාප් වහන්සේට දකුණු පෙනහල්ලේ පහළ කොටසේ පෙනහළු ඇඩිනොකාර්සිනෝමා (Lung Adenocarcinoma) නම් පිළිකා තත්ත්වයක් හඳුනාගෙන තිබූ බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
මේ හේතුවෙන් ඒ සඳහා ඊයේ (13) දිනයේ දී ශල්යකර්මයක් සිදුකර ඇති අතර, එම සැත්කම සාර්ථකව අවසන් කර තිබෙනවා..
මෙම ශල්යකර්මය රෝමයේ ජෙමෙලි රෝහලේ (Gemelli Hospital)දී සිදුකර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ.
වතිකානය මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර ඇති අතර නිවේදනයට අනුව, පැය එකහමාරකට ආසන්න කාලයක් පුරාවට මෙම සැත්කම සිදුකර ඇති අතර, සැත්කම සාර්ථක වී ඇති අතර කිසිදු සංකූලතාවක් ඇති වී නොමැති බව සඳහන්.
සැත්කමේදී දකුණු පෙනහල්ලේ පහළ කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
XIV වන ලියෝ පාප් වහන්සේ තවත් සතියක පමණ කාලයක් රෝහලේ රැඳී සිටිනු ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ.
