ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්රතිලාභ අද (14) ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.
ඒ අනුව, අද (14) දිනයේදී, අස්වැසුම පළමු අදියර යටතේ ප්රතිලාභී පවුල් 985,283 ක් සඳහා රුපියල් බිලියන 9.12 ක මුදලක් සහ දෙවන අදියර යටතේ ප්රතිලාභී පවුල් 212,445 කට රුපියල් බිලියන 2.04 ක මුදලක් ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
