රඹුක්කන ප්‍රදේශයෙන් ලැබෙන බිහිසුණු පුවත ගැන තමන් බලවත් ලෙස ශෝකයට පත් වූ බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය වන ජුලී චංග් පවසනවා.
විරෝධතාකරුවන්ට හෝ පොලිසියට එරෙහි ඇතිවන ඕනෑම ප්‍රචණ්ඩත්වයක් තමන් හෙළා දකින බව සඳහන් කර සිටින අමෙරිකානු තානාපතිවරිය සෑම පාර්ශවයකින්ම සංයමයෙන් සහ සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටින බවයි ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ, විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් අත්‍යවශ්‍ය වන බවත් සාමකාමී විරෝධතා දැක්වීමට ජනතාවගේ අයිතිය තහවුරු කළ යුතු බවද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.














පතිචාරයද අහන්නේ ඔකුන්ට හේන ගහනවා හේන
aney apoyi meyage ratey waradilawath moona dihaa baluwath athi wedi thiyanna