අද පාර්ලිමේන්තුව රැස්වෙයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කරගනිමින් ව්‍යාවස්ථා කෙටුම්පත් ඉදිරිපත් කිරීමට කැමති පක්ෂවලට ඒ සඳහා අවස්ථාව ලබාදී පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කිරීමට එකඟතාව පළ වී තිබේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක හමුවේදී එම එකඟතාවට එළඹි බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතය.

එහිදී මේ සම්බන්ධයෙන් කථානායකවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

මේ අතර මෙරට රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර දිවුරුම් දී සිටි පියල් නිශාන්ත සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ට මීට පෙර පැවති රාජ්‍ය අමාත්‍ය ධුර හිමිව ඇති බවෙ වාර්තා වෙයි.

මීට අමරතව සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වන ඩයනා ගමගේ මහත්මිය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් සීතා අරඹේපොළ මහත්මිය අධ්‍යාපන සහ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් පත්කර ඇති අතර විජිත බේරුගොඩ මහතා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?