අද පාර්ලිමේන්තුව රැස්වෙයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කරගනිමින් ව්‍යාවස්ථා කෙටුම්පත් ඉදිරිපත් කිරීමට කැමති පක්ෂවලට ඒ සඳහා අවස්ථාව ලබාදී පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කිරීමට එකඟතාව පළ වී තිබේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක හමුවේදී එම එකඟතාවට එළඹි බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතය.

එහිදී මේ සම්බන්ධයෙන් කථානායකවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

මේ අතර මෙරට රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර දිවුරුම් දී සිටි පියල් නිශාන්ත සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ට මීට පෙර පැවති රාජ්‍ය අමාත්‍ය ධුර හිමිව ඇති බවෙ වාර්තා වෙයි.

මීට අමරතව සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වන ඩයනා ගමගේ මහත්මිය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් සීතා අරඹේපොළ මහත්මිය අධ්‍යාපන සහ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් පත්කර ඇති අතර විජිත බේරුගොඩ මහතා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02