විජයකලා මහේෂ්වරන් ට එරෙහි පැමිණිල්ල ගැන ලැබුණු නියෝගය

කොටි සංවිධානය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල අද කැඳවීය.

මෙම පැමිණිල්ල අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇපමත මුදාහැර සිටින සැකකාර විජයකලා මහේෂ්වරන් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

ඇය සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපතිවරයාගෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව විමර්ශන සිදුකරන සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය.

අනතුරුව පැමිණිල්ල ජූනි මස 10 වනදා කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

2018 වසරේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී කරුණු දැක්වූ හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටි සංවිධානය යළිනඟා  සිටුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරිය පාඨලී - JVP තුවක්කු අපි දැකලා තියෙනවා..ගොඩක් අයගේ කූඩුවල අපි ඉදලා තියෙනවා
03:39
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට එන්නේ හොරුද ?පි#සො කළබල වුණාට දොස්තරලා කළබල වෙන්නේ නෑ
05:50
Video thumbnail
මම ආදරයෙන් කියන්නේ අයියලා කියලා - අර්චුනා පාර්ලිමේන්තුවේ කළ සුපිරි කතාව
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
08:16:12
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති - යුරෝපයට යැවෙන ප්‍රථම උභයජල යාත්‍රාව
01:41
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ - කැමරාව දිහාවත් නොබලා යන හැටි
00:44
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි..උණුසුම් තත්ත්වයක්.."හෙ# ග#නවා මහත්තයෝ"
02:55
Video thumbnail
12 වෙනිදා මහින්දගේ වේදිකාවට මම නගිනවා - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:37
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - නාමල්ව දානවා කියලා අපේ මිනිස්සු චූන්වෙලා
02:20
Video thumbnail
සාගර හා විමල් වීරවංශ අතර විශේෂ හමුවක් - රැළියට සහභාගි වෙන්න කියලා අපිට ආරාධනා කළා
02:29