මිදුලේ අලංකාරයට සවිකර තිබු උණ්ඩ කොටසක් පුපුරායෑමෙන් පාසල් සිසුවෙකුට බරපතළයි

2016 වසරේ සාලාව අවි ගබඩාව පුපුරා ගිනි ගත් අවස්ථාවේ නිවසකට ගෙනැවිත් අලංකරණයට තබා තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරා යාමෙන් 15 දරුවෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

මේ වන විට තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

ඊයේ සවස 5.53 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර මෙම සිසුවා එම ස්ථානයේ පාඩම් කරමින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුව එම ස්ථානයේ තිබූ මිලි මීටර් 130 ප්‍රමාණයේ කාලතුවක්කු වලට යොදන උණ්ඩ කොටසක් මෙසේ පිපිරී ඇති බවට පොලිසිය සැක කරනවා.

කෙසේ වෙතත් පසුගිය කාලයේ විටින් විට එම ප්‍රදේශයෙන් හමු වූ මෙවැනි බෝම්බ කොටස් ආරක්ෂක අංශ විසින් ගෙන ගොස් තිබූ අතර සමහර පුද්ගලයන් නිවාස සහ ගෙමිදුල අලංකාර කිරීම සඳහා ඒවා යොදා ගෙන තිබෙනවා.

ඊයේ පුපුරා ගොස් ඇත්තේ ද එවැනි මිදුල අලංකාරයට සවිකර තිබූ උණ්ඩ කොටසක් බවට පොලිසිය සැක කරනවා.

පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ හංවැල්ල කලුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ මහා විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබන දිනෙත් සත්මිර නමැති පාසල් සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව එක්ව පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?