මිදුලේ අලංකාරයට සවිකර තිබු උණ්ඩ කොටසක් පුපුරායෑමෙන් පාසල් සිසුවෙකුට බරපතළයි

2016 වසරේ සාලාව අවි ගබඩාව පුපුරා ගිනි ගත් අවස්ථාවේ නිවසකට ගෙනැවිත් අලංකරණයට තබා තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරා යාමෙන් 15 දරුවෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

මේ වන විට තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

ඊයේ සවස 5.53 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර මෙම සිසුවා එම ස්ථානයේ පාඩම් කරමින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුව එම ස්ථානයේ තිබූ මිලි මීටර් 130 ප්‍රමාණයේ කාලතුවක්කු වලට යොදන උණ්ඩ කොටසක් මෙසේ පිපිරී ඇති බවට පොලිසිය සැක කරනවා.

කෙසේ වෙතත් පසුගිය කාලයේ විටින් විට එම ප්‍රදේශයෙන් හමු වූ මෙවැනි බෝම්බ කොටස් ආරක්ෂක අංශ විසින් ගෙන ගොස් තිබූ අතර සමහර පුද්ගලයන් නිවාස සහ ගෙමිදුල අලංකාර කිරීම සඳහා ඒවා යොදා ගෙන තිබෙනවා.

ඊයේ පුපුරා ගොස් ඇත්තේ ද එවැනි මිදුල අලංකාරයට සවිකර තිබූ උණ්ඩ කොටසක් බවට පොලිසිය සැක කරනවා.

පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ හංවැල්ල කලුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ මහා විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබන දිනෙත් සත්මිර නමැති පාසල් සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව එක්ව පරීක්ෂණ සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරිය පාඨලී - JVP තුවක්කු අපි දැකලා තියෙනවා..ගොඩක් අයගේ කූඩුවල අපි ඉදලා තියෙනවා
03:39
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට එන්නේ හොරුද ?පි#සො කළබල වුණාට දොස්තරලා කළබල වෙන්නේ නෑ
05:50
Video thumbnail
මම ආදරයෙන් කියන්නේ අයියලා කියලා - අර්චුනා පාර්ලිමේන්තුවේ කළ සුපිරි කතාව
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
08:16:12
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති - යුරෝපයට යැවෙන ප්‍රථම උභයජල යාත්‍රාව
01:41
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ - කැමරාව දිහාවත් නොබලා යන හැටි
00:44
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි..උණුසුම් තත්ත්වයක්.."හෙ# ග#නවා මහත්තයෝ"
02:55
Video thumbnail
12 වෙනිදා මහින්දගේ වේදිකාවට මම නගිනවා - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:37
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - නාමල්ව දානවා කියලා අපේ මිනිස්සු චූන්වෙලා
02:20
Video thumbnail
සාගර හා විමල් වීරවංශ අතර විශේෂ හමුවක් - රැළියට සහභාගි වෙන්න කියලා අපිට ආරාධනා කළා
02:29