රාහුල්ගේ අපූරු කතාව

හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සහ වර්ථමාන ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් මීට අවුරුදු පහකට පෙර, ඒ කියන්නේ 2017 වසරේ බැංගලෝර් විශ්ව විද්‍යාලය විසින් ඔහුට පිරිනමන ගෞරව ආචාර්ය උපාධිය ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කරනවා…

ඒ වගේම එම උත්සවයේදී උත්සව සභාව අමතලා ඔහු අපූරු කතාවක් කරනවා…
මේ සදහන් වෙන්නේ රාහුල් ඩ්‍රාවිඩ් එම සභාවේ කරපු කතාව.මේ කථාව ඔබටත් මටත් එක් විදිහට ආදර්ශයක් වේවී.

“මගේ බිරිඳ වෛද්‍යවරියක්… ඇය ඇගේ වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා ගණන් කළ නොහැකි… නිදි නැති රාත්‍රීන් සහ දින ගණන් ගතකර තිබෙනවා… එහෙම දීර්ඝ කැප කිරීමක් කරලා තමයි ඇය ඇගේ වටිනා උපාධිය ලබා ගත්තේ…””ඒ වගේම මගේ අම්මා කලා අංශයේ මහාචාර්යවරියක්…

එයාගේ අවසාන උපාධිය ලබාගන්න ඇය අවුරුදු පනහක් තිස්සේ ඉවසීමෙන් බලාගෙන ඉන්නවා… මම ක්‍රිකට් ගහන්න මහන්සි වුණා… මම ඒ ක්‍රීඩාවෙන් ඉහළටම ගියා… ඒක තමයි ඇත්ත… ඒත් මම අධ්‍යාපනය පැත්තෙන් එච්චර හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි…

ඉතින් මම කොහොමද මේ බලසම්පන්න ගෞරව ආචාර්ය උපාධිය පිළිගන්නේ…?ගෞරව උපාධියක් නිකන්ම ලබා ගන්නවාට වඩා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ යම් ආකාරයක ශාස්ත්‍රීය පර්යේෂණයක් සිදු කිරීමෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට මම ඉතා කැමැත්තක් දක්වනවා…

1952 අවුරුද්දේ දී ඊශ්‍රායල රජය විසින් ඇල්බට් අයින්ස්ටයින්ට අගමැතිකම භාරගන්න කියලා කියනවා… එතකොට අයින්ස්ටයින් ආචාරශීලීව එය ප්‍රතික්ෂේප කරලා කියන්නේ…

“මම භෞතික විද්‍යාව පිළිබඳ යම්තාක් දුරට දන්න කෙනෙක්… රාජ්‍ය පාලනය සහ පරිපාලනය ගැන මා කිසිදෙයක් දන්නේ නැතුව කොහොමද එහෙම දෙයක් බාරගන්නේ…!!!”ඒ වගේම රුසියානු ලෝක ප්‍රකට ගණිතඥයෙකු වන Grigori Perelman විසින් 2006 දී ක්ෂේත්‍ර පදක්කම් සහ ගණිත ක්ෂේත්‍රයේ නොබෙල් ත්‍යාගයට සමානව ලබාදෙන විශාල මුදලක් ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා… ඔහු පැවසුවේ…

“අපේ පවුල දුප්පත්කමේ උපරිමයේ ඉන්න කාළේ තමයි මගේ ළමා ගෙවිලා ගියේ… අම්මාට ලැබෙන ආදායම ඉතුරු කර ගැනීමට මට ඇයගේ ගණකාධිකාරී ලෙස මුදල් කළමනාකරණය කිරීමට සිදුවුනා… කුඩා කාළයේ සිටම මට ගණිතය පිළිබඳ කුඩා දක්‍ෂතාවක් වර්ධනය කර ගැනීමට හැකි වූයේ ඒ නිසා විය හැකියි… ඒ අපි ගෙවූ දරිද්‍රතාවයේ අවධිය දැන් මගේ ජීවිතයේ නැති නිසා, මෙතරම් මුදලක් මම ලබාගෙන කුමක් කරන්නද..?”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39