රාහුල්ගේ අපූරු කතාව

හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සහ වර්ථමාන ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් මීට අවුරුදු පහකට පෙර, ඒ කියන්නේ 2017 වසරේ බැංගලෝර් විශ්ව විද්‍යාලය විසින් ඔහුට පිරිනමන ගෞරව ආචාර්ය උපාධිය ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කරනවා…

ඒ වගේම එම උත්සවයේදී උත්සව සභාව අමතලා ඔහු අපූරු කතාවක් කරනවා…
මේ සදහන් වෙන්නේ රාහුල් ඩ්‍රාවිඩ් එම සභාවේ කරපු කතාව.මේ කථාව ඔබටත් මටත් එක් විදිහට ආදර්ශයක් වේවී.

“මගේ බිරිඳ වෛද්‍යවරියක්… ඇය ඇගේ වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා ගණන් කළ නොහැකි… නිදි නැති රාත්‍රීන් සහ දින ගණන් ගතකර තිබෙනවා… එහෙම දීර්ඝ කැප කිරීමක් කරලා තමයි ඇය ඇගේ වටිනා උපාධිය ලබා ගත්තේ…””ඒ වගේම මගේ අම්මා කලා අංශයේ මහාචාර්යවරියක්…

එයාගේ අවසාන උපාධිය ලබාගන්න ඇය අවුරුදු පනහක් තිස්සේ ඉවසීමෙන් බලාගෙන ඉන්නවා… මම ක්‍රිකට් ගහන්න මහන්සි වුණා… මම ඒ ක්‍රීඩාවෙන් ඉහළටම ගියා… ඒක තමයි ඇත්ත… ඒත් මම අධ්‍යාපනය පැත්තෙන් එච්චර හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි…

ඉතින් මම කොහොමද මේ බලසම්පන්න ගෞරව ආචාර්ය උපාධිය පිළිගන්නේ…?ගෞරව උපාධියක් නිකන්ම ලබා ගන්නවාට වඩා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ යම් ආකාරයක ශාස්ත්‍රීය පර්යේෂණයක් සිදු කිරීමෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට මම ඉතා කැමැත්තක් දක්වනවා…

1952 අවුරුද්දේ දී ඊශ්‍රායල රජය විසින් ඇල්බට් අයින්ස්ටයින්ට අගමැතිකම භාරගන්න කියලා කියනවා… එතකොට අයින්ස්ටයින් ආචාරශීලීව එය ප්‍රතික්ෂේප කරලා කියන්නේ…

“මම භෞතික විද්‍යාව පිළිබඳ යම්තාක් දුරට දන්න කෙනෙක්… රාජ්‍ය පාලනය සහ පරිපාලනය ගැන මා කිසිදෙයක් දන්නේ නැතුව කොහොමද එහෙම දෙයක් බාරගන්නේ…!!!”ඒ වගේම රුසියානු ලෝක ප්‍රකට ගණිතඥයෙකු වන Grigori Perelman විසින් 2006 දී ක්ෂේත්‍ර පදක්කම් සහ ගණිත ක්ෂේත්‍රයේ නොබෙල් ත්‍යාගයට සමානව ලබාදෙන විශාල මුදලක් ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා… ඔහු පැවසුවේ…

“අපේ පවුල දුප්පත්කමේ උපරිමයේ ඉන්න කාළේ තමයි මගේ ළමා ගෙවිලා ගියේ… අම්මාට ලැබෙන ආදායම ඉතුරු කර ගැනීමට මට ඇයගේ ගණකාධිකාරී ලෙස මුදල් කළමනාකරණය කිරීමට සිදුවුනා… කුඩා කාළයේ සිටම මට ගණිතය පිළිබඳ කුඩා දක්‍ෂතාවක් වර්ධනය කර ගැනීමට හැකි වූයේ ඒ නිසා විය හැකියි… ඒ අපි ගෙවූ දරිද්‍රතාවයේ අවධිය දැන් මගේ ජීවිතයේ නැති නිසා, මෙතරම් මුදලක් මම ලබාගෙන කුමක් කරන්නද..?”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01