ජනතාව අවධානමේ – තවත් පිපිරීම් දෙකක්

වේයන්ගොඩ, හීන්දෙනිය-පට්ටිගොඩ ප්‍රදේශයේ නිවෙසක අද උදෑසන ගෑස් ලිපක පිපුරුමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ නිවැසියන්ට කිසිඳු හානියක් සිදුව නැහැ.

කෙසේ වෙතත් අදාළ ගෑස් සමාගමේ ප්‍රවර්ධනයකට ලබාගත් සියළුම ප්‍රමිතිගත උපකරණ භාවිතා කළද, මෙසේ පිපිරිම සිදු වූ බවයි නිවැසියන් පැවසුවේ.

ඉදිරි විමර්ශන කටයුතු වේයන්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

මේ අතර බම්බලපිටියේ, පාසල් මාවතේ නිවසක අද (දෙසැ. 2) උදෑසන ගෑස් ආශ්‍රිත පිපිරීමක් සිදුවී තිබේ.

මෙලෙස පුපුරා ගොස් ඇත්තේ, ලිප් හතරක ගෑස් උඳුනක්, එය ගෑස් සිලින්ඩරයට සවි කර තිබූ රේගියුලේටරය සහ ගෑස් නලය බව නිවෙස් හිමි කාන්තාව පැවසුවා ය.

ඇය සඳහන් කළේ, මීට දින කිහිපයකට පෙර අදාළ ලිප අලෙවි කළ සමාගමට දන්වා රේගියුලේටරය සහ නලය පරීක්ෂා කර එහි කිසිදු දෝෂයක් නොමැති බවට සහතිකයක් ද ලබා ගත් බව ය.

කෙසේ වෙතත්, අද පෙරවරුවේ ගෑස් උඳුන ක්‍රියාත්මක කර තිබූ අවස්ථාවේදී එය පුපුරා ගිය බව ඇය පැවසුවා ය.

එම පිපිරීමෙන්, ගෑස් ලිප අවට තිබූ භාණ්ඩවලට හානි සිදුවී ඇති අතර කිසිවෙකුට ත් හානි සිදුවී නොමැත.

අදාළ ගෑස් සිලින්ඩරය මීට දින කිහිපයකට පෙර මිල දී ගත් බව ද නිවස හිමි කාන්තාව වැඩිදුරට ත් පැවසුවා ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?