ජනතාව අවධානමේ – තවත් පිපිරීම් දෙකක්

වේයන්ගොඩ, හීන්දෙනිය-පට්ටිගොඩ ප්‍රදේශයේ නිවෙසක අද උදෑසන ගෑස් ලිපක පිපුරුමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ නිවැසියන්ට කිසිඳු හානියක් සිදුව නැහැ.

කෙසේ වෙතත් අදාළ ගෑස් සමාගමේ ප්‍රවර්ධනයකට ලබාගත් සියළුම ප්‍රමිතිගත උපකරණ භාවිතා කළද, මෙසේ පිපිරිම සිදු වූ බවයි නිවැසියන් පැවසුවේ.

ඉදිරි විමර්ශන කටයුතු වේයන්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

මේ අතර බම්බලපිටියේ, පාසල් මාවතේ නිවසක අද (දෙසැ. 2) උදෑසන ගෑස් ආශ්‍රිත පිපිරීමක් සිදුවී තිබේ.

මෙලෙස පුපුරා ගොස් ඇත්තේ, ලිප් හතරක ගෑස් උඳුනක්, එය ගෑස් සිලින්ඩරයට සවි කර තිබූ රේගියුලේටරය සහ ගෑස් නලය බව නිවෙස් හිමි කාන්තාව පැවසුවා ය.

ඇය සඳහන් කළේ, මීට දින කිහිපයකට පෙර අදාළ ලිප අලෙවි කළ සමාගමට දන්වා රේගියුලේටරය සහ නලය පරීක්ෂා කර එහි කිසිදු දෝෂයක් නොමැති බවට සහතිකයක් ද ලබා ගත් බව ය.

කෙසේ වෙතත්, අද පෙරවරුවේ ගෑස් උඳුන ක්‍රියාත්මක කර තිබූ අවස්ථාවේදී එය පුපුරා ගිය බව ඇය පැවසුවා ය.

එම පිපිරීමෙන්, ගෑස් ලිප අවට තිබූ භාණ්ඩවලට හානි සිදුවී ඇති අතර කිසිවෙකුට ත් හානි සිදුවී නොමැත.

අදාළ ගෑස් සිලින්ඩරය මීට දින කිහිපයකට පෙර මිල දී ගත් බව ද නිවස හිමි කාන්තාව වැඩිදුරට ත් පැවසුවා ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07