සාගර සමුළුවට රනිල්ට ඇරයුම්

එලැබෙන දෙසැම්බර් මස 03 වනදා සිට 05 වනදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත “පස් වන ඉන්දීය සාගර සමුළුව” ට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාටද ආරාධනා කර ඇත.

”පරිසරය,ආර්ථිකය,වසංගතය ”මෙවර සමුළුවේ තේමාවයි.ඉන්දියානු සාගර කලාපයේ දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ තර්ජනයන්ට මුහුණ දීම කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී වැඩිදුරටත් සාකච්ජා කෙරේ .

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර 2016 සිට 2019 දක්වා කාලයේ එම ධුරය දරන ලදී.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගී වන 05 වන ඉන්දීය සාගර සමුළුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය S. ජයශංකර් සහ සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍ය V. බාලක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27