සාගර සමුළුවට රනිල්ට ඇරයුම්

එලැබෙන දෙසැම්බර් මස 03 වනදා සිට 05 වනදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත “පස් වන ඉන්දීය සාගර සමුළුව” ට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාටද ආරාධනා කර ඇත.

”පරිසරය,ආර්ථිකය,වසංගතය ”මෙවර සමුළුවේ තේමාවයි.ඉන්දියානු සාගර කලාපයේ දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ තර්ජනයන්ට මුහුණ දීම කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී වැඩිදුරටත් සාකච්ජා කෙරේ .

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර 2016 සිට 2019 දක්වා කාලයේ එම ධුරය දරන ලදී.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගී වන 05 වන ඉන්දීය සාගර සමුළුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය S. ජයශංකර් සහ සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍ය V. බාලක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?