වයර් මිල පහලට

ගෘහස්ථ විදුලි රැහැන්වල මිල පැවති මිලෙන් 11% කින් අඩුකිරීමට නිෂ්පාදන සමාගම් එකග වූ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

අදාළ නිෂ්පාදන වලින් 90% කම නිෂ්පාදන වර්ගවල මිල 11% කින් ද එක් නිෂ්පාදනයක් පමණක් 5% කින් ද අඩු කිරීමටයි එම සමාගම් එකගවී ඇත්තේ.මෙරටට අවශ්‍ය ගෘහස්ථ විදුලි රැහැන් දේශීය සමාගම් විසින් නිෂ්පාදනය කරන අතර අපනයන වෙළෙඳපොළ සඳහා ද එම නිෂ්පාදන සපයනු ලබනවා.

මෙම නිෂ්පාදන සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වන තඹ ආනයනය කරනු ලබන අතර තඹ මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 5,000 සිට 10,000 දක්වා වැඩිවීම නිසා පසුගිය දින වලදී ගෘහස්ථ විදුලි රැහැන්වලද මිල ඉහළ ගියා.කෙසේවෙතත් මිල සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යංශය සහ නිෂ්පාදන සමාගම්වල නියෝජිතයින් අතර සාකච්ඡා වට තුනක් පැවැත්වූ අතර එහිදී එකග වී ඇත්තේ ලබන අගෝස්තු 01 වනදා සිට මිළ අඩු කිරිමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?